කොළඹ නගරයේ පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අද(15) ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

පුද්ගලික වාහනවලින් කොළඹ නගරයට පැමිණෙන ජනතාවට නිශ්චිත ස්ථානයක සිය වාහනය නතරකර එතැන් සිට සුඛෝපභෝගී බස් රථ මගින් ගමනාන්තය කරා ගමන් කිරීමයි මෙහිදී සිදුවන්නේ.

එමගින් කොළඹ නගරයට ඇතුලුවන රථවාහන සංඛ්‍යාව සීමා කිරීම ප්‍රධාන අරමුණයි.

සෑම විනාඩි 15 කට වරක් බස් රථයක් ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.

සෑම බස් රථයක්ම වයි ෆයි පහසුකම්වලින්ද සමන්විත වීම විශේෂත්වයක්.

මෙන්න බලන්න තවත් පුවත්