ලෝක සාගර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාගර පත්ල පිළිබඳ අධිකාරිය සංවිධානය කරනු ලැබූ නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිල සමත්ව තිබේ.

International Seabed Authority

ගැඹුරු මුහුදේදී සිදු කරන පරීක්ෂණ දිරිමත් කිරීම මෙම තරගයේ ප්‍රමුඛතම අරමුණ වන අතර වයස අවරුදු 16 වැඩි ලොවපුරා තරගකරුවන් අභිබවමින් ඇය එම ජයග්‍රහණය ලබා ඇත.

අදාළ නිර්මාණයෙන් මුහුදු පත්ල ගවේෂණය කර ශබ්ද උපකරණ සහ සෝනාර් භාවිතයෙන් සාගර පත්ල ගවේෂණය කරන්නේ කෙසේද යන්න විදහා දැක්වෙයි.

තරගාවලියේ ප්‍රථම ස්ථානය ජැමෙයිකාව නියෝජනය කරමින් එක් වූ 29 හැවිරිදි Richard Nattoo හිමිකර ගෙන ඇත. තෙවැනි ස්ථානය හිමිවූයේ බ්‍රසීලය නියෝජනය කළ 20 හැවිරිදි වියෙහි පසුවන Thammy Gularte Dias වෙතය.

මෙන්න බලන්න තවත් පුවත්