mahinda rajapaksa
 

ගෝඨාගෝගම හා මයිනාගෝගම සාමකාමි අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (01) මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක් ගෙන ඇත.

ඊට හේතු වී තිබෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සියලු පොලිස් නිලධාරීන්ගෙන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන නොතිබීම නිසා බව පැවසේ.

තවද වින්දිත පාර්ශවයෙන්ද තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

එම ක්‍රියාවලියෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්