leasing campany
 

රටේ වත්මන් අර්බුධකාරී තත්වය හමුවේ උවද ලීසිං සමාගම් සීසර්වරුන් මගින් වාහන පැහැර ගැනීම යලි අරඹා ඇතැයි පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන අර්බුදයටත් වඩා ලීසිං අර්බුදය දරුණුව ඇති බවය.

කොවිඩ් වසංගත සමයේ මේ සඳහා යම් විසඳුමක් ලබා දී තිබුණ ද මේ වන විට නැවත වරක් ලීසිං සමාගම් සුපුරුදු පරිදි ජනතාව පීඩනයට පත් කරමින් සිටින බව ඔහු සඳහන් කරනවා.

රට තුළ පවතින ඉන්ධන අර්බුදයට හා වාහන අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාමට විසඳුමක් ඉල්ලා සිටි ජනතාවට ලීසිං සමාගම්වලින් ලැබෙන පීඩනයත් එකතු වී ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

මෙවන් අර්බුදවලට හසුවී සිටින එම සංගමයේ සාමාජිකයන් බොහොමයකට සේවයෙන් ඉවත් වන්නට සිදුවී ඇති අතර ඔවුන්ගේ පවුල් හා මේ සේවය ලබාගන්නා ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද පෙන්වා දෙයි.

මල්සිරි ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉන්ධන ගැටලුවටත් වඩා දරුණුව පවතින ලීසිං සමාගම් අර්බුදයට රජය කඩිනමින් විසඳුම් දිය යුතු බවත් එසේ කටයුතු නොකිරීමෙන් රටේ ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වෙන බවත් ය.

මෙන්න බලන්න තවත් පුවත්