කොවිඩ් 19 ආසාදිත මරණ හතරක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (12) දිනයේදී තහවුරු කරන ලද බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මාතලේ ප්‍රදේශයේ පදිංවිව සිටි 84 හැවිරිදි කාන්තාවක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

අද දිනයේ මරණයට පත්වූ ආසාදිතයන් සිව්දෙනා සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

මෙන්න බලන්න තවත් පුවත්