kk
 

ක්‍රිෂ්ණකුමාර් කුන්නත් හෙවත් ඉන්දියාවේ ජනප්‍රිය ගායක කේ කේ අභාවප්‍රාප්ත වී තිබේ. කොල්කටා සංගීත ප්‍රසංගයකට සහභාගී වී පැය කිහිපයකට පසු මෙලෙස ඊයේ (31) ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රසංගය අවසන් කර ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය වෙත ගොස් තිබෙන අතර අනතුරුව ඔහු ඇදවැටී මියගොස් ඇති බව පැවසෙයි. 1990 දශකයේ අග භාගයේ යෞවනයන් අතර “පල්” සහ “යාරොන්” යන ගීත හේතුවෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් ඔහු මියයන විට 53 හැවිරිදි වියේ පසුවූ අයෙකි .
පසුබිම් ගායනය වෘත්තියක් ලෙස ආරම්භ කලේ 2000 දශකයේ මුල් භාගයේ සිටය. ඒ අනුව බොලිවුඩ් චිත්‍රපට සඳහා ජනප්‍රිය ගීත කිහිපයක් ඔහු විසින් ගායනා කොට ඇත.

මෙන්න බලන්න තවත් පුවත්