සුප්‍රසිද්ධ ගායකයකු වන ජස්ටින් බීබර් අංශ භාග රෝගයකින් පිඩා විඳින බවට තොරතුරු වාර්තා වී තිබේ. ඒ මුහුණේ අර්ධ අංශභාග පීඩාකාරී රෝගී තත්වය කිනි.

ජස්ටින් බීබර් සඳහන් කර ඇත්තේ තමන්ගේ මුහුණේ දකුණු පැත්ත මේවන විටත් අකර්මන්‍ය වී ඇති බවය.

මේ අනුව පැවැත්වීමට නියමිතව තුබූ තමන්ගේ ඉදිරි ප්‍රසංග කටයුතු කල් දැමීමට සිදුව තිබෙන්නේ ඒ නිසා බව බීබර් සඳහන් කර ඇත. ඉන්ස්ටග්‍රෑම් ගිණුමට වීඩියෝවක් එක්කරමින් යලිත් තමා සුව අතට පත්වන තුරු සංචාරය කල් දැමු බව වැඩි දුරටත් ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් මුහුණේ ව්‍යායාම වල නිරත වන මුත් එය නැවත යතා තත්ත්වයට පත්වීමට කෙතරම් කාලයක් ගතවනු ඇති දැයි නිශිතව සඳහන් කර නැත.

මේ වන විට 28 හැවිරිදි බීබර් ලබන ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ දිල්ලි නුවර ද ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු කර තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්