සහන වැඩ සටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට හැකි වෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාවේ මහජනතාව මුහුණදී ඇති අර්බුදය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් සිටින බවත් මේ වන විට දෙපාර්ශ්වය අතර සහන පැකේජය සම්බන්ධයෙන් තාක්ෂණික සාකච්ඡා පවත්වා ඇති බවත් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා පවසයි.

එම සාකච්ඡාවල ප්‍රතිඵල අනුව එම වැඩසටහන කඩිනමින් නිමා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ඇය කියා සිටී.

එමෙන්ම රටේ පාලනයට පත්වන පාර්ශ්වයේ සහාය ඇත්නම් IMF නියෝජිතයින් සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන ඇය වැඩිදුරටත් පවසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්