බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය හා එම අංශය අවට අද පෙරවරුවේ සෝදිසි මෙහයුමක් සිදුකර තිබෙනවා.

මෙහිදී Y විශේෂ අංශය හා තාප්පය අතර කොටසේ පොළොවෙහි වල දමා තිබූ එමි අංක සඳහන් නොවන ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයා ගෙන ඇති බවයි බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කලේ.

උසාවියට අපහාස කිරීමේ වරදට දඬුවම් ලබන රංජන් රාමනායක ඇතුලු තවත් සිරකරුවන් පිරිසක් Y විශේෂ අංශයේ රඳවා සිටීනවා.

මෙම දුරකථනයද රංජන් රාමනායකට ලබාදීමට රැගෙන ආ එකක් බවට සැක කෙරෙන අතර ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කිරීමට එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක වැඩි දුරටත් සඳහන් කලේ.

මෙන්න බලන්න තවත් පුවත්