හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී තිබෙන ජනාධිපති පොදු සමාව වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා වහා අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝග ලබා දී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කර තිබේ.

එසේම ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ලබාදෙන ලෙසට ද අතුරු නියෝගයක් නිකුත් කළේය.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්