රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවන ලෙස බලකරමින් ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයක නිරත වී ඇත.

ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම යෝජනා වී ගැසට් කර තිබුණි.

අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ බදු පැහැර හැර ඇති බවට චෝදනා කරමින් විරෝධතාකරුවන් එලෙස විරෝධය දක්වන බවකි.

 

මෙන්න බලන්න තවත් පුවත්