මොණරාගල දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 8 හැවිරිදි දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (12) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වූ බව එම රෝහලේ අධ්‍යක්ෂ ආර්.එම්.ඩී. රත්නායක මහතා පවසනවා.

මොණරාගල නගරයේ පෞද්ගලික බැංකුවක සේවය කරන මෙම දරුවාගේ මවට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (11) සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයක දී අනාවරණය වී තිබෙනවා.

පසුව මෙම දරුවාත් දරුවාගේ පියාත් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් ව තිබෙනවා.

කොරෝනා ආසාදිත දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත යැවීමට පියවරගෙන තිබෙනවා.

මොණරාගල නගරයෙන් ද ඊයේ (11) කොරෝනා වෛරසය ආසාදනය වූවන් 10 දෙනෙකු හමුවී ඇති අතර ඒ හේතුවෙන් අද (12) මොණරාගල නගරයේ පදිංචි 168 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ මහතා පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්