Colombo National Hospital
 

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්.

කොළඹ ජාතික රෝහලේ සිදුකෙරෙන හදවත් සැත්කම් නතර කිරීමට සිදුවන බවට වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ. ඔවුන් සඳහන් කරන්නේ ජුනි මාසයේ සිට එම සැත්කම් නතර කිරීමට සිදුවන බවය.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කරන්නේ එම හදවත්සැත්කම් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය මෙයට හේතුවී ඇති බවයි

එසේම සාමන්‍යයෙන් දෛනිකව රෝහලේ බයිපාස් හදවත් සැත්කම් හතරක් පමණ සිදුකරන අතර මේවන විට ද එම සැත්කම් අඩු කර තිබේ.

තවද සියලු හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඉනොක්ස්පරින් (enoxaparin) එන්නත රෝහලේ හිඟ වී ඇති අතර මේ හේතුවෙන් හෘද රෝගීන්ට දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇත.

හදවත් සැත්කම් කිරීමේ දී ලබාදෙන හදිසි ඖෂධ වර්ග කිහිපයක්ම මේවන විට රෝහලේ නැත. එම ඖෂධ ඉදිරි මාස තුන පමණ කාලය ඇතුළත නොලැබුණහොත් අනෙකුත් හෘද සැත්කම් සඳහා ද බාධා වීමේ අවදානමක් මතුව තිබෙන බව පැවසේ.

www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්