ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා මුදල් ගෙවීම් කටයුතු ද සිදුකර ඇති අතර අදාළ ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීමටයි සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ අගමැතිවරයා හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවති හමුවේදී මෙරට පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් අනාවරණය වූ අතර ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 11,000 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000 ක් සහ දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000 ක් පවතින බවයි එහිදී අනාවරණය වුණේ.

මෙන්න බලන්න තවත් පුවත්