army soldier sri lanka
 

ගම්පොල නගරයේ ඉන්ධන පිරවුම්හලක ආරක්ෂක රාජකාරියේ රැඳී සිටි යුද හමුදා සෙබෙලෙකුට පහරදීමක් සිදුකොට තිබේ. මෙම පහරදීම සිදුකොට ඇත්තේ ටිපර් රථයකින් පැමිණි පුද්ගලයෙකු බව පොලීසිය පවසා සිටී.

එම පුද්ගලයා ටිපර් රථයට ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව වෙනත් ස්ථානයක ටිපර් රථය නවතා යළිත් බූලි දෙකක් රැගෙන ඉන්ධන ලබාගැනීමට පැමිනි අවස්ථාවේ යුද හමුදා සෙබලා බූලිවලට ඉන්ධන ලබානොදෙන බව පවසා ඇත. ඉන් අනතුරුව ඇතිවූ බහින් බස් වීමකදී ටිපර් රථයේ රියදුරු විසින් යුද හමුදා සෙබලාට පහරදී තිබේ.

අනතුරුව සැකකරු තමාට යුද හමුදා සෙබලා පහරදුන් බව සඳහන් කරමින් රෝහල්ගතව තිබෙන අතර සැකකරුව රෝහලේදිම අත්අඩංගුවට ගෙන ඇත. මේ අනුව ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවට වාර්තා වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්