විදේශගතව සිට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජු නමැත්තාගේ සහයකයෙකු හෙරොයින් ග්‍රෑම් 102 ක් සමග කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකය මොරටුව ප්‍රදේශයේ ඊයේ(13) සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සම්බන්ධයෙන් අද(14) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ දිනයේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 40 කට ආසන්න පිරිසක් අත්අංගුවට ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

 

මෙන්න බලන්න තවත් පුවත්