විනෝදයට තනි රෝදයෙන් යතුරුපැදි පැද වූ තරුණයන් 13 දෙනෙකු ඊයේ (14) දින පිළියන්දල, වීරසිංහ මාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.

තව ද එම තරුණයන් රැගෙන ආ බව කියන යතුරුපැදි 8ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තරුණයන් පිරිසක් ඉතා අපරික්ෂාකාරී ලෙස යතුරු පැදි පදවන බවට පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත එම තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් බහුතරයක් යතුරුපැදි වල විවිධ අංගෝපාංග අන්තරාදායක ලෙස සවි කර ඇති බවත් සමහරක් යතුරුපැදිවල විවිධ පැතිවලට හැරවිය ආකාරයේ ඉතා කුඩා පැති කණ්නාඩි සවි කර තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා..

අත්අඩංගුවට ගත් තරුණයන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්