එක්සත් ජාතික පක්ෂයේ නව නිළධාරී මණ්ඩලයට අද(13) පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) පෙරවරු 10.30ට පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.

ඒ අනුව පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද, උප නායක ලෙස හිටපු අමාත්‍ය අකිල කාරියවසම් මහතාද පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

භාණ්ඩාගාරික වන්නේ ඒ එස් එම් මිස්බා මහතායි.

අද සිදු කෙරුණු පත්වීම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙලෙස අදහස් පළ කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්