රටේ ජනතාව ඉදිරියේ වසර පහකදී ඉටු කිරීමට පොරොන්දු වූ සියල්ල ඒ අයුරින්ම ඉදිරි තෙවසර තුළ ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැම විටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවට ජනාධිපතිතුමා සහතික වන බවත් තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතු වීමට ආරාධනා කරන බවද  ජනාධිපතිතුමා මෙහිදී පවසා සිටියා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස ජනතා අයිතියට පත්කිරීමෙන් පසු පැවති උත්සවයේදීය.

රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව ද මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබුවා.

‘මාධ්‍ය සමග තරගයක් නැහැ. අපි බලයට පැමිණ සිටින්නේ රට හදන්නයි. එහිදී සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වන්නැයි ජනාධිපතිතුමා මාධ්යඅවේදීන්ගෙන් ඉල්ලීය. බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට එක්වන ලෙස සියලුම මහජන නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය  නිලධාරීන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ.

වර්තමානයේ ලෝකය, සමාජය, ඉතා වේගවත් බැවින් කාලයෙන් ප්‍රයෝජන ගැනීමට දියුණු ප්‍රවාහ පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්වල දියුණුවේ ප්‍රධාන සාධකයක් බවට විධිමත් ප්‍රවාහන පද්ධතිය පත්ව ඇති බවයි උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

‘අධිවේගී මාර්ග තරම් විවේචනයට ලක් වූ ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. විවේචනය කරමින් අධිවේගී මාර්ගයේ ගමන් කරන අයගේ විවේචනයන්ට වචන වලින් පිළිතුරු දීමට වඩා අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් පිළිතුරු දීම’ යැයි ද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්