ජනතාව ඒකරාශීවන කිසිදු උත්සවයක් සඳහා අවසර ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා. ඊයේ පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඉදිරි මාසයක කාලය තුලදී දැඩි සෞඛ්‍ය නිති රීති අනුගමනය නොකළහොත් මෙරට තුල කොවිඩ් ව්‍යාපාතියේ වර්ධනයක් විය හැකි බවින් ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් යලි සති දෙකක නිරෝධායන කාලයක් සඳහා යොමු කිරීමට ද අවධානය යොමුවී ඇති බවත් විවිධ රටවල් තුල ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේද හේතුවෙන් මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්