මනුස්සකම වියැකී යන සමාජයක අපිට එහෙන් මෙහෙන් මනුශ්‍යන් අතර සිටින දෙවිවරුන් ගැන විවිධ කතා අහන්නට ලැබෙනවා.

මේත් ඒ වගේ කතාවක්.

ඒ ගැන එම අත්දැකීමට මුහුණ දුන් අයෙක් එම සිදුවීම සමාජ ජාලාවන්ට එකතු කර තිබ්බේ මෙලෙසින්,

NA-4148.. ගම්පහ – මාලඹේ කියල ගහල තිබුණෙ.. මම එදා මිරිස්වත්තෙන් නැග්ගෙ මාලඹේට එන්න.. දෙයියනේ කියල ඉස්සරහම සීට් එකක් හම්බුණා. බස්කාරයෝ ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ. තව බස් එකකට ඉස්සර කරන්න හැල්මේ දුවන “ම ඟම රු වන්” අතරේ මේක මම දැකපු සුවිශේෂී සිද්ධියක් .

මේ බස් එකේ හිටපු හැම කෙනෙක්ම මේ ඩ්‍රයිවර් මහත්තයා, කොන්දොස්තර මහත්තයා එක්ක වචනයක් හරි කතා කරල තමයි බැස්සෙ. ඒක හරි අමුතු සිදුවීමක්.

ටිකක් දුර එද්දි කඩුවෙල පහුවෙලා කිලෝමීටරයක් විතර ආවට පස්සෙ 4 වසර විතර පොඩි කොලු පැටියෙක් අඬාගෙන ආවා ඉස්සරහට. අනේ ඒ පැටියට බස් එකේ නින්ද ගිහින්. බණ්ඩාරවත්තෙන් බහින්න තිබිල තියෙන්නෙ. දැන් කඩුවෙලත් පහු වෙලා ටිකක් දුර ඇවිත්නේ..

බස් එක එහෙම්මම අයිනකට කරලා නවත්තලා මේ කොන්දොස්තර මහත්තයා ගත්තා බබාගෙ තාත්තට කෝල් එකක්. පැටියගෙ අම්ම ළඟ ෆෝන් එකකුත් නැහැලු. බබාව කඩුවෙලට යන බස් එකක දාලා ස්ටෑන්ඩ් එකට එවන්නම් කියලා එතනින් බබාව ගන්න කිව්වා. ඒ තාත්තට වැඩ කරන තැනින් එන්න විදිහක් නෑ කියලා අම්මට පණිවිඩයක් දෙන්නම් කිව්වා.

ඊට පස්සෙ ඒ කොන්දොස්තර මහත්තයාම ඒ බබාගෙ අතින් අල්ලගෙන පාර පැනලා කඩුවෙලට යන බස් එකකට කොල්ලව දාලා ආවා. ටිකක් දුර ගියත් මේ දෙන්නගෙ හිතට හරි නෑ කොල්ලව තනියෙම යවපු එකට. ඩ්‍රයිවර් මහත්තයා කිව්වා ආයෙම කෝල් එකක් අරන් බලන්න කියලා. ඒ වෙද්දිත් බස් එක පිට්ටුගලට ඇවිත්.

මෙයා ආයෙම ඒ තාත්තට කෝල් එකක් අරන් බැලුවා. ඒ තාත්තට ඒ වෙද්දිත් අම්මට පණිවිඩේ දෙන්න විදිහක් තිබිල නෑ. ‘ මං බලල එන්නම් ‘ කියල බස් එකෙන් බැහැපු කොන්දොස්තර මහත්තයා පාර පැනලා කඩුවෙලට යන බස් එකක එල්ලුනා.. බස් එක ඉතුරු ටික ගියේ කොන්දොස්තර කෙනෙක් නැතුව..

ඉතිං ඒ මනුසත්කමට උපහාරයක්ම වේවා.. කොන්දොස්තර මහත්තයා බැහැලා ගිය නිසා ෆොටෝ එකේ එයා නෑ..”

මෙන්න බලන්න තවත් පුවත්