වසර පහකට ආසන්න කාලයක් හොර රහසේ මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් බම්බලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (31දා) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

විදේශීය ජාතිකයකු බම්බලපිටිය විශාඛා පාරේ නිවසක රැඳී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය.

මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හා අන්තවාදී සංවිධාන සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව ස්ථානාධිපතිවරයා පවසයි.

සැකකරු 2016 වසරේදී මෙරටට පැමිණි පුද්ගලයෙකි.

48 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙන්න බලන්න තවත් පුවත්