ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

එම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවයි ඔහු තම නීතිඥයන් මාර්ගයෙන් මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ.

වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 2000 ක ඉඩමක් ආණ්ඩුවෙන් මුරලිදරන්ට ලබා දී ඇතැයි ෆොන්සේකා විසින් මෑතකදී කොළඹ පැවති ජනහමුවකදී ප්‍රකාශ කර සිටියා.

 

මෙන්න බලන්න තවත් පුවත්