බුර්කා තහනම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

එම කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර බදු අඩු කිරීම සහ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී වැඩි අවධානයක් යොමු වු බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර බුර්කාව තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙනඇති පියවර සම්බන්ධයෙන් පාකිස්තාන රජය සිය කනස්සල්ල පළකර තිබෙනවා.

මෙරට පාකිස්තාන මහකොමසාරිස්වරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ බුර්කාව තහනම් කිරීම තුළින් මෙරට මුස්ලිම් ජනාතාවගේ මෙන්ම ලොව පුරා මුස්ලිම්වරුන්ගේ හැගීම්වලට හානියක් සිදුවන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්