wimal weerawansa
 

ආණ්ඩුවෙන් ස්වාධීනව පෙනී සිටින පක්ෂ විසින් ඉදිරිපත් කළ සංශෝධනවලට නිසි වටිනාකමක් ලැබෙනුයේ නම් එම පක්ෂවල සහාය 21 වන සංශෝධනය සඳහා හිමිවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

“21 වන සංශෝධනයට අදාළ කෙටුම්පත අපේ පක්ෂ එකමුතුව විසින් අපි අධ්‍යයනය කරලා අපේ අදහස් ටික අපි ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා ඊට සහාය දෙන හැම පක්ෂයකම අදහස් සහ හොඳ යෝජනා සියල්ලම සැලකිල්ලට ලක්කරලා ඒවා අනුව තමයි ඒකෙ අවසාන කෙටුම්පත සකස්වෙන්නේ කියලා. අපේ පක්ෂ එකමුතුව දැනටමත් තීරණය කරලා තියෙනවා ඒ අපි ඉදිරිපත් කරන සුදුසු සංශෝධනවලට නියමිත වටිනාකම ලැබෙනවා නම් අපේ සහාය 21 වන සංශෝධනයට ලැබෙනවා කියලා.”

ස්වාධීන වූ පක්ෂ 09 නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පැවති සාකච්චාවකින් අනතුරුව ව්‍යස්ථා සංශෝධන යෝජනාවලිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

 

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්