2022 සාපෙළ විභාගය 2023ට කල් යයි
 

මෙම වර්ශයේ (2022 ) පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිතය. ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

තවද මේ වනවිට පාසල් පැවැත්වෙන දින ගණන අඩුවීම හේතුවෙන් එළඹෙන අගෝස්තු නිවාඩුව හැකිතාක් අඩු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අනුව හෙටින් ඇරඹෙන ඉදිරි සති දෙක තුළ දරුවන්ට අහිමි වෙන පාසල් දින ගණන අගෝස්තු සහ දෙසැම්බර් මාසවලින් ආවරණය කරගැනීමට නියමිතය.

එසේම ප්‍රාථමික ගුරුවරුන් සඳහා සජීවි හා සූම් තාක්ෂණය ඔස්සේ සැසි කිහිපයක් පවත්වමින් වර්ෂ අවසානය වනවිට අහිමි වී ගිය අධ්‍යාපන කටයුතු නැවත සිදුකරන අන්දම පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්