2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතාවලිය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත වනවා.

එම තරගාවලියේ මූලික වටය ඔක්තෝබර් 16 වනදා ඇරඹෙන අතර පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර ගීලොන්ග් හිදී පැවැත්වීමට නියමිතයි.

මූලික වටයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් 4ක් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර 12 දෙනාගේ වටය ඔක්තෝබර් 22 වනදා සිඩ්නි ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා.

එහිදී තරගවදින්නේ ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි.

කවුරුත් වැඩි උනන්දුවක් දක්වන ඉන්දීය – පාකිස්තාන තරගය ඔක්තෝබර් 23 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන එළිදැක්වීමේ වැඩසටහන සඳහා 2021 විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රාහකයින් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක Aaron Finch, Michelle Enright – ICC පිරිමි T20 ලෝක කුසලාන 2022 දේශීය සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී, ඇඩම් ගිල්ක්‍රිස්ට්,අරවින්ද ද සිල්වා, මයිකල් වෝගන් සහ මයිකල් හසී යන හිටපු ක්‍රීඩකයින් එක්ව සිටියා.

(ජායාරූප සහ වාර්තාව : SNNI මාධ්‍ය ජාලය වෙනුවෙන් වර්නන් තිසේරා සහ ජොහාන් ජයසිංහ මෙල්බර්න් නුවර සිට)

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

මෙන්න බලන්න තවත් පුවත්