ලබන 20 වෙනිදා සිට ජාතික ඉන්ධන අවසර පත්‍රයට පමණක් ඉන්ධන නිකුත් කරන බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එස්.එස් ප්‍රනාන්දු මහතා පවසයි.

එතෙක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණිමෙන් වළකින ලෙසත් ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වන තුරු නව තෙල් තොග බෙදාහැරීමේ කටයුතු සිදු නොවනු ඇති බවත් ඔහු කියා සිටී.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සදහන් කලේ, සිපෙට්කෝ ඉන්ධන ප්‍රවාහනය අද දිනයෙත් සිදුනොවන අතර අයි.ඕ.සී සමාගමේ ඉන්ධන ප්‍රවාහනය සඳහා ටැකි රථ යොදවා ඇති බවයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්