වසරේ මුල් මාස 05 තුල එනම් ජනවාරි මස සිට මේ දක්වා කාලයේ පුද්ගලයින් 120,000 කට අධික පිරිසක් විදෙස් රැකියාවලට පිටත්ව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එය පෙර වසරට සාපේක්ෂව 100% ප්‍රගතියක් බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී , මංගල රන්දෙනිය මහතා සඳහන් කර ඇත.

කෙසේ නමුත් පසුගිය 2021 වසර තුල පමණක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ 122,000 ක පිරිසක් පමණක් බව ද වාර්තා වී තිබේ.

එසේම මංගල රන්දෙනිය මහතා සඳහන් කරන්නේ මේ වසරේ පුද්ගලයින් තුන් ලක්ෂයක් විදේශ රැකියා සඳහා යොමු කිරීම කාර්යාංශයේ සැලසුම වන බවයි . ඒ අනුව රටවල් කිහිපයක් සමග ගිවිසුම් අත්සන් කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්