දැනට කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති අවස්ථාවක ජනතාවගේ හැසිරීම අනුව තුන්වැනි කොරෝනා රැල්ලක් මතු වීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

ඇතැම් අය දුරස්ථභාවය ගැන කිසිදු සැලකිල්ලකට නොගෙන, නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය නොකොට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව එම සංගමයේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය.

ඉදිරියේදී එළඹෙන උත්සව සමයේ ජනතාව මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු අතර, විශේෂයෙන්ම කොළඹින් බැහැරව විනෝද චාරිකා යාම අවම කිරීම වඩාත් සුදුසු බව ද ඔහු පෙන්වා දෙයි.

රැල්ලක් මතු වීමේ තත්ත්වයක් ඇති වුවහොත් යළිත් වරක් සංචරන සීමා පැනවිමේ තත්ත්වයක් ද මතු වීමේ ඉඩකඩ ඇතැයි ද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේ

මෙන්න බලන්න තවත් පුවත්