එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆ්ලයි ඩුබායි සමාගම ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් සිදුකිරීම තාවකාලිකව නතර කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි.

ජූලි මස 10 වන දින සිට නැවත දැනුම් දෙන තුරු ඩුබායි සහ කොළඹ අතර ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

එම අවලංගු කරන ලද ගුවන් ගමන්වලට අදාළ ප්‍රවේශ පත්‍ර මුදල් යළි මගීන්ට ලබා දෙන බව අදාළ සමාගම පවසයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්