හොඳයි කියන බයෝ ඩීසල් රටම රවටන ආකාරය හෙළිවෙයි

මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් තමයි බයෝ ඩීසල් කියන්නේ. ලංකාවේ මිනිසුන් දැඩි තෙල් අර්බුදයකට මුහුණ දීලා ඉන්න නිසා මේ වෙනකොට වෙනත් ආදේශක වලට යොමු වෙනවා. ඒක ඒ තරන්ම හොඳ දේකුත් නෙවෙයි. අසරණ කම නිසාම අපිට අවාසි වන දේකට යොමු වීමට ඉඩ තියෙනවා. පසු ගිය දවසක ජනප්‍රිය වුණ බයෝ ඩීසල් හිතන තරම්ම හොඳ නැති බව වාර්තා වෙනවා. බයෝ ඩීසල් ගැන අපිත් කතා කල නිසා අපි මේ ගැන හොයලා බැලුවා.

ඇතිව තිබෙන ඉන්ධන අර්බුදයට ඩීසල් වෙනුවට බයෝ ඩීසල් නිෂ්පාදනය ප්‍රායෝගික නොවන දෙයක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචිර විජේසේන මහතා සඳහන් කරලා තිබුනා. මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වෙමින් යන බයෝ ඩීසල් නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් එතුමා මේ බව කියා සිටියා. ඔහු පෙන්වා දෙන්නේ බයෝ ඩීසල් ලීටරයක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අවම වශයෙන් රුපියල් 800 ක මුදලක් වැය වන බවයි.

එමෙන්ම බයෝ ඩීසල් නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් සියල්ලම පාහේ විදේශයන්ගෙන් ගෙන්වීමට සිදු වීම මත විදේශ විනිමය වැය වීම වැඩිවන බවත් එය ඩීසල් ආනයනයටත් වඩා වැඩි මුදලක් බවද එතුමා කියා සිටී.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මෙම අදහස් පල කර තිබුනා.

  https://youtu.be/52aFh0-XKd0

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්