
මුව ආවරණ පැළැඳීම හෙට (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන පවසනවා.
ශ්වසන රෝග සහ ඒ ආශ්රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.