ශ්‍රී ලංකාව ඉලක්ක කර ප්‍ර@හාරයක් දියත් කිරීමට එල්@ ටී ටී ඊ සංවිධානයේ මෙරට හිටපු පැරණි සාමාජිකයින් යළිත් එක්ව සැලසුම් සකස් කරන බවට  ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ.
එම පුවත්පතේ පළ වන වාර්තා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ අදාළ තොරතුර සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශවලින් කරුණු විමසීමක් කර ඇති බවයි.

මැයි 13 වන දා පළ කර ඇති අදාළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ, බහුජාතික සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකික දෙම ළ ඩ යස්පෝරාවේ සමහර කොටස් වි@රෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර සිදුවෙමින් පවතින ගැ ටුම්වලදී තම පැවැත්ම “දැන්වීමට” උත්සහ කරමින් සිටි බව පොලිස් ආරංචි මාර්ග සිකුරාදා පැවසූ බව ය.

මැයි 18 වන දාට යෙදෙන මු ල්ලිවායිකාල් සංවත්සරය සමරන ඇතැම් කණ්ඩායම් දෙ මළ ජන සං@ හාර සැමරුම් දිනය ලෙස ප්‍රකාශ කර ප්‍ර@හාර එල්ල කිරීමට සැලසුම් කරනවාට අමතරව හිටපු එල්ටී&.ටී.ඊ. සාමාජිකයින් තම නායක ප්‍@රභාකරන් ඇතුළු පිරිස ඝා $#නයට ප# ළිගැනීමට ද කු%*මන්ත්‍රණ කරමින් සිටින බව එම පුවත්පත පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි සාමාජිකයින් පිරිසක් තමිල් නාඩුවට ඇතුළු වී ඇති බව බුද්ධි තොරතුරු උපුටා දක්වමින් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව ‘ද හින්දු’ වාර්තා කර ඇත.

ඒ අනුව, රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ විශේෂ කණ්ඩායම් ප්‍රාන්තයේ කිලෝමීටර් 1,000කට වැඩි වෙරළ තීරයේ සෝදිසියෙන් පසු වන බව එම වාර්තා සඳහන් කර තිබේ.

එසේම තමිල් නාඩු පොලිසියේ වෙරළාරක්ෂක කණ්ඩායම විසින් මුහුදු සීමාවේ මුර සංචාර වාර ගණන වැඩි කරනු ලැබ ඇති බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, මෙරට ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ,  වාර්තාව පිළිබඳව මෙරට බුද්ධි අංශ ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමක් කළ බව ය.

එහිදී එම තොරතුර “සාමාන්‍ය තොරතුරක්” ලෙස දන්වා ඇති බව ත් මේ පිළිබඳව තවදුරට ත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම් ඒවා පිළිබඳව මෙරටට දැනුම් දීමට කටයුතු කරන බව ත් ඉන්දීය බුද්ධි අංශ සඳහන් කළ බව ආරක්ෂක අමාත්‍යංශය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරට ත් සඳහන් කරන්නේ, මෙම තොරතුර සහ ජාතික ආරක්‍ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්‍ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදු කර අදාළ ආරක්‍ෂක අංශ දැනුවත් කර ආරක්‍ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව ය.

 

මෙන්න බලන්න තවත් පුවත්