ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමේ කාලය තවත් දින 14කින් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු අගෝස්තු 14 දක්වා සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිත බව එරට බලධාරීන් පවසයි.

ජූලි 14 වන දින, 73 හැවිරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සෞදි ගුවන් යානයකින් චැංගි ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඔහුට දින 14 ක සංචාරයක අවසර පත්‍රයක් නිකුත් කරන ලදී.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්