වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කෙරුණු වැඩ වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ගොනුකර තීබු කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

හෙද නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ කරුණු ගොනු කර තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් වර්ජනය හේතුවෙන් රෝගීන් මුහුණ පා ඇති ගැටළුකාරී තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා වර්ජනයේ නිරත එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව වාරන නියෝග දෙකක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණි.

නීතිපතිවරයාගේ ඉල්ලීම පිලිගත් කොළඹ දිසා අධිකරණය විසින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වාගෙන යාම වලක්වාලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපතිවරයාට වාරණ නියෝග දෙකක් නිකුත් කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්