මේ වන විට දිස්ත්‍රික්ක 14ක හදිසි ගිලන්රථ සේවාව අත්හිටුවා ඇති බව 1990 සුවසැරිය ගිලන්රථ සේවය නිවේදනය කොට තිබේ.

ඒ පවතින ඉන්ධන හිඟය හේතුවෙනි.

පෙරේදා (10) පස්වරු 4.00 සිට සේවාව අත්හිටුවා ඇති බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එබැවින් ඉන්ධන හිඟය හේතුවෙන් පහත දිස්ති‍්‍රක්කවල ප‍්‍රදේශවලට තම සේවාව ලබා නොදෙන බව සුවසැරිය ගිලන්රථ සේවය නිවේදනය කොට තිබේ.

මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සේවාව ඉල්ලා සිටින ලෙසත් 1990 ඇමතීමෙන් වළකින ලෙසත්, ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්