sunami
 

රික්ටර් පරිමාණයේ 6.4ක භූ කම්පනයක්

අද (27) නැගෙනහිර ටිමෝරයේ වේලාවෙන් උදෑසන 11.36 ට පමණ රික්ටර් පරිමාණයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ බැවින් නැගෙනගිර ටිමෝර අග නගරය වන දිලී හි වැසියන් ගොඩනැගිලි වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවී ඇති බවට දැනට තොරතුරු වාර්තා වී ඇත.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරයටත් කම්පනය දැනී ඇති අතර ඒ හේතුවෙන් සුනාමි තත්ත්වය ඇතිවීමේ අවදානමක් නැතැයි ඕස්ට්‍රේලියා භූ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් එම භූමි කම්පාව හේතුවෙන් ජීවිත හානි හෝ අනතුරු කිසිවක් සිදුවී නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්