ගාලු මුවදොර අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පිලිබද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ලිපියක් නිකුත් කොට තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයේ වැඩ භාර ගෙන පැය විසි හතරක් ඉක්මවා යාමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල කරන ලද මෙම අමානුෂික හා නීති විරෝධී පහරදීම දැඩි ලෙස හෙළා දකින බව කාදිනල් හිමියන් කියා සිටී.

ජනාධිපති කාර්යාලය අබියසින් ඉවත් වන බව අරගලකරුවන් ප්‍රකාශකොට තිබියදීත් එල්ල කරන ලද මෙම සාහසික ප්‍රහාරය හේතුකොට ගෙන අනාගතයේ දී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදු වූවොත් ඒ සියල්ලට ද ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු බව කාදිනල් හිමියන් සිය ලිපිය මඟින් පෙන්වා දෙයි.

අපමණ දුක් පීඩාවන්ට ලක් වසර අසරණ ජනතාව හා සාමකාමී විරෝධතා පොලිස් හා හමුදා බලය යොදා මර්දනය කිරීම වහාම නවතා දමන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

අදාල ලිපිය පහතින්,

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්