සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළාදකින බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කර සිටියා.

කොළඹ අගරදගුරු නිවසේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරිල් ගාමිණි පියතුමන් ඒ බව සඳහන් කර සිටියා.

සමාජ ක්‍රියාකාරිකයෙක් වන ෂෙහාන් මාලක ගමගේ පාස්කු දා ප්‍රහාරයේ වින්දියන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට සාධාරණයක් ඉල්ලා හඬනැගූ බවයි උන්වහන්සේ මෙහිදී කියා සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්