ශරීරයට අහිතකර පිළිකාකාරක අඩංගු බවට හඳුනාගෙන ඇති ආනයනික පොල්තෙල් අඩංගු බවට සැකකරන බවුසර් දෙකක් ඊයේ (29) රාත්‍රී දංකොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක සඟවා තිබියදී මෙම බවුසර් දෙක අත්අඩංගුවට ගෙන තිබේ.

පොල්තෙල් ලීටර් 27,500 ක් එහි අඩංගු බවයි වාර්තා වන්නේ.

රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් මෙම පොල්තෙල් පසුගිය 25 වැනිදා රැගෙන ආ බවයි අදාල බවුසර් දෙකේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පොලීසියට පවසා තිබෙන්නේ. ඔවුන් දෙදෙනා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.

අදාල බවුසර් දෙක තුළ අඩංගු තෙල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි දංකොටුව පොලීසිය පවසන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්