අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ස්වාධීන පක්ෂ එකමුතුවේ සහාය ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ගාලුමුවදොර සිටින තරුණ අරගල කරුවන් ගේ අභිලාෂයන්ටත් ඇහුම්කන් දී ඒවාට ඉඩ දෙන පාලනයක් සහ ඒ අයගේ අදහස් සැලකිල්ලට භාජනය කරමින් ඉදිරියට යන පාලනයක් පිහිටුවන්නට සූදානම් බව ඔහු කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම මුල සිටම බලාපොරොත්තු වූයේ මේ විකල්පය බවත් දේශපාලන ස්ථාවරභාවය සෑදීමට ඇති එකම ක්‍රමය මෙය බවත් පෙන්වා දුන් ඔහු පක්ෂ එකමුතුවේ සිටින මන්ත්‍රීවරුන් 16 ක පමණ පිරිස එක්ව හෙට දිනයේ ඡන්දය ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම ජයග්‍රහණය වෙනුවෙන් භාවිත කරන බවත් ස්ථිර වශයෙන්ම ඒ ජයග්‍රහනය සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්