ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සම්බන්ධව දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ, අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය හා ජාතික කොංග්‍රසය යන පක්ෂ නියෝජිතයින් සමග ඊයේ (02) දිනයේ සාකච්ඡා කර ඇති අතර අද දිනයේ ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ හා ඊ පී ඩී පී පක්ෂය සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සිය පක්ෂයට ආරාධනයක් ලැබී ඇති බව සමගි ජන බලවේගය පවසයි.

ඒ සඳහා තම පක්ෂය ලබන සිකුරාදා පස්වරු 3.00 ට ජනාධිපතිවරයා හමුවන බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටී.

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර මහතා පැවසුවේ, ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ඒ සඳහා සාකච්ඡාවකට ජනාධිපතිවරයා තම පක්ෂය කැඳවා ඇති බවයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්