samurdhi bank
 

මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සභාපතිවරුන් හා ඉහළ කළමණාකාරිත්වයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අග්‍රමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

එම හමුවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙන්ම මහ බැංකු අධිපතිවරයා ද සහභාගී වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. එහිදී ආර්ථික අර්බුදය හමුවේ මෙරට බැංකු පද්ධතිය මුහුණ දී ඇති ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස කරුණු විමසා ඇත.

ඩොලර් හිඟය හා ණය ප්‍රසාරණය වැනි කරුණු පිළිබඳව මෙන්ම ඉතුරුම් ප්‍රමාණය සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ගෙන් කරුණු විමසු බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. තවද කොවිඩ් ව්‍යාප්තිය සමග මෙරට ජනතාවට ලබාදුන් සහන සම්බන්ධයෙන් ද ඒ අනුව ණය ආපසු ගෙවීමට සාමාගම් හා පුද්ගලයින්ට ලබාදුන් සහන කාලය නැවත දිර්ඝ කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුව තිබු බව වාර්තා වෙයි.

මීට අමතරව සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ පූර්ණ අධීක්ෂණයට ලක් කළ යුතු බවට ද අග්‍රමාත්‍යවරයා මහ බැංකුවට උප‍දෙස් දී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්