
සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන සමෘද්ධි දීමනාව සියයට 28කින් වැඩිකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම වැඩිකිරීම අද සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.
“මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභීන් 1,7 67,000ක පවුල් ඒකක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සියයට 28ක සමෘද්ධි දීමනාව වැඩිකිරීමට රජය තීන්දු කරා. ඒ අනුව මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 4500 ක දීමනාවක් ලබන්නෙකු බවටත්, රුපියල් 2500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයකට රුපියල් 3200 ක දීමනාවක්ද, රුපියල් 1500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 1900 ක දීමනාවක්ද ලබන බව රාජ්‍ය ඇමැතිවරයා සදහන් කලේ”