ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කළ හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතයි.

සමගි ජන බලවේගය , එහි පාර්ලිමේන්තු කණ්ඩායම සහ එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එහිදී රාජ්‍ය අනුග‍්‍රහය ලබන ත‍්‍රස්තවාදය ජනතාව මත මුදා හැර ජනතාව මුහුණ දී සිටින ප‍්‍රශ්න විසඳීමට අපොහොසත් වූ නව රජය සමඟ එක්ව කටයුතු නොකරන බවද එම පක්ෂය බවත්, ජනතා අවශ්‍යතා සපුරාලීම සඳහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පත් කරනු ලබන පාර්ලිමේන්තු කාරක සභා සඳහා සිය සහයෝගය ලබාදෙන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්