බොරතෙල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු නොකිරීමේ තත්ත්වය තුළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන 23 වැනිදායින් පසුව වැසීයාමේ අවදානමක් මතුව තිබෙනවා.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසුවේ බොරතෙල් නෞකාවක් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර නොගතහොත් පිරිපහදුවේ කටයුතු අඩපණ වීමෙන් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බවයි.

මේ අතර ඉන්ධන සීමා සහිතව නිකුත් කර ඇති බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරිමෙන් වළකින ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්