පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කරයි.

 

එම මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් 6 දෙනෙකු සිංහල ජාතිකයින් වන අතර ඉතිරි 08 දෙනා දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

වර්තමානයේ රටේ පවතින ප්‍රශ්න විසඳිය හැකි එකම දක්ෂ පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් නව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව රට තුළ ඇති අර්බුද විසඳා ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ ඉදිරිපත් වී එක්ව කටයුතු කළ හැකි නම් එය රටේ අනාගතයට ප්‍රයෝජනවත් වනු ඇති බවත් ඊයේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රනාන්දු කියා සිටි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්