හම්බන්තොට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,900ක් ගබඩා කර තිබූ ස්ථානයක් හම්බන්තොට පොලීසිය විසින් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ.

හම්බන්තොට පොලීසිය විසින්ඊයේ (25) රාත්‍රියේ දී අදාළ වැටලීම සිදුකර ඇති අතර හම්බන්තොට ධීවර වරායේ ඇති ඉන්ධන පිරවුම් හලෙන් ලබාගෙන ඇති අදාළ ඩීසල් තොගය වැඩි මිලට විකිණීම සඳහා තබා තිබිය දී සොයාගෙන තිබේ.

ඩීසල් තොගය සන්තකයේ තබා සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල සැකකරු අද (26) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්