අර්බුදකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා එක්ව ආධාර ලබා දීමට ජපානය හා ඉන්දියාව එකඟතාව පළකර තිබෙනවා.

මෙලෙස එකඟතාව පළ වූයේ, කොඩ් සමුළුවට සමගාමීව ටෝකියෝ නුවර දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැති ෆුමියෝ කිශිඩා සමග පැවති සාකච්ඡාවේ දීයි.

වසර 50කට වැඩි කාලයක් ජපානය ශ්‍රී ලංකාවට ආධාර දෙන ප්‍රමුඛයෙක් ව සිටිය ද පසුගිය කාලයේ චීනය කෙරෙහි අවධානය වැඩි වීම නිසා එරට ආයෝජන සහ ආධාර මෙරටට අඩු වුණා.

අමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවට විදේශ ආධාර දෙන රටවල එකතුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ද මෙම රටවල් පිළිගෙන තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්